සපුගස්කන්ද ගින්න පාලනයට දැවැත්ත මෙහෙයුමක් !

සපුගස්කන්ද ගින්න පාලනයට දැවැත්ත මෙහෙයුමක් !

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට අයත් තෙල් ටැංකියක අද (10) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ.

සපුගස්කන්ද පොලිසිය සඳහන් කළේ, ඉන්ධන ඉවත් කර තිබූ මෙම තෙල් ටැංකියක අලුත්වැඩියා කටයුත්තක් සිදු කරමින් සිටින අතරතුර ගින්න හටගෙන ඇති බවයි.

ගින්න මැඬපැවැත්වීම සඳහා කොළොන්නාව සහ කොළඹ ගිනි නිවීම් ඒකක මේ වනවිට එම ස්ථානයට යොමු කර ඇති අතර, ඔවුන් යුහුසුළුව ගින්න පාලනය කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ

Search