ශ්‍රීලනිපයේ නායකත්වය යලි මහින්දට


මෙතැනින් පසු මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ජනපති සිරිසේනගෙන් ලබා ගන්නා බවත් ඉන්පසුව පොහොට්ටුවේ ලකුණින් ඇති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (SLPP) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා බැඳුනු පෙරමුණක සාමාජික පක්ෂයක් ලෙස කටයුතු කරනු ඇති බවත් පොහොට්ටුවේ ප්‍රකාශකයෙකු  පවසා ඇතැයි ලංකා ඊ නිව්ස් වෙබ් අවඩිය පවසයි.
මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අස්වූයේ ද නැති අතර ශ්‍රීලනිපයේ හිඳිමින් වෙනත් පක්ෂයක පොහොට්ටුවක් ජයග්‍රහණය කරවූ නමුත් දැන් එය තම බලය පෙන්වා අහවර බැවින් නම්බුකාර ලෙස ශ්‍රීලනිපයේ නායකත්වය යලි ලබාගෙන පොහොට්ටුව ඊට ඈඳා ගැනීම කරනු ලබන බවත් එම ප්‍රකාශකයා කර ඇත.
ශ්‍රීලනිපයේ නායකයා ජනාධිපති වරයා විය යුතු යැයි යන පක්ෂ ව්‍යවස්ථා වගන්තිය බහුතර බලයකින් වෙනස් කරන බවද ඔහු වැඩි දුරටත් සඳහන්කර ඇත.