ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශීරාල් ලක්තිලක සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් යොදමින් පවසා ඇත්තේ ලබා ඇති මැතිවරණ ප්‍රතිඵලය ’මට අනුව ජයග්‍රාහී ප්‍රතිශතයකි’ යන්නයි. අනෙකුන් දවල් හීන බලමින් සිටින බව පවසන ශීරාල් ලක්තිලක තවමත් සිටින්නේ තද නින්දක බව කිව යුතුය.
මේ ශීරාල් ලක්තිලක සිය ෆෙස්බුක් ගිණුමේ තැබු සටහනයි.
මේ මැතිවරණය ආණ්ඩුවට අනපේක්ෂිත පරාජයත් අත් කර දී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදියෙක් ලෙස මහජන මතය අප හිස නමා පිළිගනිමු.
එහෙත්, ලංකාදීප පුවත්පතේ මා මැතකදී කියූ පරිදි පොදුජන පෙරමුණට 50%ක ඡන්ද ලබා ගැනීමට නොහැකි වී තිබේ.
එක්සත් ජාතික පක්ෂය මෙම තරගයේ පරාජිතයාය. ඔවුන් සිතුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කොට තමන්ට ජය ගත හැකි බවය.
එය දවල් හීනයක් බව ප්‍රතිඵල තහවුරු කරයි. මා කියා සිටි පරිදි ම නැවුම් පක්ෂයක් වන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිරිසිදු ඡන්ද 15%ක ප්‍රමාණයක් ලබාගෙන ඉදිරියට පැමිණ තිබේ.
දූෂණ විරෝධයට එරෙහිව, මෙම ප්‍රතිශතය, මට අනුව ජයග්‍රාහී ප්‍රතිශතයකි.
ජවිපෙය සමග අප සන්සන්දනය නොකළත්, ඔවුන්ට ප්‍රණාමය පුද කරන අතරම අපට ගමනක් ඇති බව පෙනේ.
කේවල ඡන්ද ක්‍රමයක යථාර්ථය මෙයයි. නමුත් අපේ ගමන මෙතැනින් නතර නොවනු ඇත. ජනවාරි 08 ජයග්‍රහණයේ අභිලාෂයන් ජයග්‍රහණය කිරීමට අපි කැප වෙමු.