ගෝඨාභය සුභ පතයි - ඊළඟ ජනධිපති අපේක්‍ෂකත්වය ගැන ඉඟියක් (VIDEO)

 

ජනතාව සෑමදාම රැවටිය නොහැකි බව මෙවර මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනෙන බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ  සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් කරමින් පවසයි.
මාතෘ භුමියේ ජයග්‍රහණයට දායක වූ සැමට සියලු ශ්‍රී ලාංකිකයින්ට ස්තුතිවන්ත වන බවද ඔහු කියා සිටියි.

GR

 

ජනාධිපති අපේක්‍ෂකයා

ලබන 2019 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස පත් කරන්නේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටභය රාජපක්‍ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් රණසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමින් පවසා සිටියාය.

‘ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති වෙනකොට විධායක අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා බලයට ගෙනෙන් සැලසුමේ තීරණාත්මක මැතිවරණයක් මෙම පෙබරවාරි 10 වැනිදා පැවැත්වෙන්නෙ’ යයිද මන්ත්‍රී වරයා එහිදී කියා සිටියේය.

 එම වීඩියෝව පහතින්