මෛත්‍රි දැඩි තීන්දුවකට සැරසෙයි - අමරවීර බස් එක මරැ කරයිද?

ඉදිරි දින කිහිපයේදී තමන් දැඩි වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට කටයුතු කරන්නේ යයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සදහන් කර ඇත.
පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය අනුව මෙම තීරණය ගත්තේ යයි ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවට කියූ බව ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත  සදහන් කරයි.

ඇමති මහින්ද අමරවීර  මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිවසට

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර  හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ නිවසට ගොස් සිටින්නේ යයි වාර්තා වෙයි.
ජනාධිපතිවරයාගේ පණිවුඩයක් රැගෙන ඔහු ගියේද නැතොත් වෙන කිනම් හේතුවකට ගියේ දැයි වාර්තා නොවෙයි.