මේ පුංචි එකා ගැන යමක් ලියන්න කාලෙක ඉඳන් හිතන් හිටියෙ.
ඉශාලිනීගෙ මරණය ගැන ලංකාවම කතා කරන මේ දවස්වල ඉක්බාල් ගැන යමක් ලිව්වොත් හොඳයි කියල හිතුන.
ඉක්බාල් ඉපදෙන්නෙ 1982 හෝ 1983 අවුරුද්දේදී පාකිස්ථානු පන්ජාබ් ප්‍රදේශයේ මුරිද්කේ නම් දුප්පත් ගමක.
පකිස්ථානයේ වගේම මේ ගමේ භහුතරය මුස්ලිම් ආගමට අයිති වුනත් ඉක්බාල්ගෙ අම්මයි තාත්තයි දෙන්නනම ක්‍රිස්තියානි ආගමේ අය.
මේ අය ඉතාම දුප්පත් මිනිස්සු වගේම පහත් කුලයක කියල තමයි ගමේ මිනිස්සු සැලකුවේ. ඉක්බාල්ගෙ තාත්ත ණය වෙනව පවුලේ ප්‍රශ්ණ විසඳන්න.
කාපට් නැත්තං බුමුතුරුණු හදන ගම් පලාතෙ වෙළෙන්දෙක්ගෙන් ඉක්බාල්ගෙ තාත්ත පාකිස්ථාන රුපියල් හයසීයක් ණයට ගත්තත් ඒක ගෙවන්න විදිහක් නෑ.
මේ වෙළෙන්ද යෝජනා කරනව
“උඹට ණය ගෙවන්න බැරිනම් උඹගෙ පුතාව එවපන් කාපට් හදන්න ණය ගෙවිල ඉවර වෙනකල් “. “ඌට ගෙවන්න ඕනෙ පඩිය ණය ගෙවන්න කපා ගන්නම්.”
පොඩි එකාගෙ තාත්තට වෙන කරන්න දෙයක් නැති තැන මේ යෝජනාවට එකඟ වෙන්න වෙනව.
මේ වෙද්දි මේ පුංචි එකාට වයස අවුරුදු හතරයි.
හැමදාම උදේ පාන්දර හතරට නැගිටල හැතැප්ම හත අටක් අඳුරු පාරවල් දිගේ මේ පොඩි එකා වැඩට යනව පවුලෙ ණය ගෙවන්න.
ආපහු ගෙදර එන්නෙ ඉර බැහැල ගියාට පස්සෙ කළුවරේ.
ඉක්බාල්ට වඩා අවාසනාවන්ත ජීවිත ගෙවන පොඩි එවුන් තිස් ගාණක් ඉන්නව මේ අමනුස්ස වැඩපළේ. ඒ අයගෙන් බොහෝ දෙනෙක් දංවැල් දාල කකුලෙන් බැඳල තියෙන්නෙ පැනල යන එක වලක්වන්න.
හිතන්න එපා මේ ගොතපු කතාවක් කියල. අද උනත් මේ වගේ තැන් පාකිස්ථාන .. ඉන්දියානු ගම්වල තියෙනව.
හිත හයිය කරගත් ඉක්බාල් හැමදාම වැඩට යනව. සති ගානක් මාස ගානක් නෙමේ අවුරුදු 6 ක්ම.
ඒත් වෙළෙන්දගෙ ගණං හැදීමට අනුව මේ ණය ගෙවෙන කිට්ටුවකවත් නෑ.
මෙන්න මෙතනදි තමයි මේ පොඩි එකා තේරුම් ගන්නෙ ජීවිත කාලෙටම මේ කපටි වෙළෙන්දගෙන් ගැලවුමක් නෑ කියල.
මේ පොඩි එකා හරි බුද්ධිමත්.
අහල පහල මිනිස්සුන්ගෙන් කියවන්න ලියන්න ඉගෙන ගන්නෙ බොහොම ආසාවෙන්.
බඩු ඔතාගෙන එන පත්තර කෑලි කියවන්න පුරුදු වුණු ඉක්බාල් තේරුම් ගන්නව “බැඳුම් ණය “ නීතියෙන් තහණම් කියල.
ඒ නිසාම තියන දහිරිය ඔක්කොම එකතු කරගෙන මේ පොඩි එකා පැනල යනව මේ වහල් කඳවුරෙන්.
පැනල ඈත ගමකට යනව වෙනුවට ඉක්බාල් යන්නෙ ලාහෝර් නගරෙ පොලීසියට.
ගිහින් පැමිණිලි කරනව මේ වහල් කඳවුර ගැන.
එයාට ඕනෙ වෙන්නෙ පැනල යන්න නෙමේ වහල් කඳවුරේ දම්වැල් දාල ඉන්න පොඩි උං ටික බේරගන්න.
දකුණු ආසියාවෙ පොලීසි ගැන අහන්න දෙයක් නෑ. හිතුව හරි... පොලීසිය කරන්නෙ ඉක්බාල්ව කුදලගෙන ගිහින් ආපහු කාපට් වැඩපලටම බාර දීම.
ජීවිතේ තිබුනට වඩා අමාරු වෙනව. වැඩ මදිවට දඬුවම්.. අපහාස කෙලවරක් නෑ.
ඒත් පළවෙනි පැනල යාමෙන් පොලීසිය ගැන පාඩමක් ඉගෙන ගත් ඉක්බාල් මාසි දෙවනි පාර පැනල යාම වඩා හොඳට සැලසුම් කරනව.
දෙවනි පාර ගැලවිලා ඈත ගමකට යනව වෙනුවට ළමා අයිතිවාසිකම් ගැන සටන් කරන නීතිවේදියෙකුගේ ගෙදරට යන්න මාසි සමත් වෙනව.
මේ වෙලාවෙ නම් එයාගෙ දහිරියට නියම ප්‍රථිඵල ලැබෙනව. ලාහෝර් නගරයේ ලමා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධානයක මාර්ගයෙන් මාසිව විශේෂ පාසැලකට යොමු කරනව.
අවුරුදු හතරක් වුණු මේ විශේෂ පාඨමාලාව මේ පොඩි එකා නිමා කරන්නෙ අවුරුදු දෙකකින්. ඒ විශිෂ්ඨ සාමාර්ථයක් එක්ක.
එයාගෙ එකම අරමුණ ළමා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියෙකු වෙන එකයි.
එයා වැඩ කරපු කම්හලේ පොඩි එවුන් විතරක් නෙවෙයි පන්ජාබ් පලාතෙ වහල් කඳවුරු වල වැඩ කරපු පොඩි උන් දාස් ගානක් නිදහස් කරගන්න ඉක්බාල්ට පුළුවන් වෙනව.
දක්ශ කථිකයෙක් වෙන මේ පුංචි එකා ප්‍රාදේශීය ගුවන් විදුලියේ කතා පවත්වනව පොඩි දරුවන් වහල් සේවයට යොදාගන්නවට විරුද්ධව.
මේ.. රූපවාහිනිය පාකිස්ථානයේ කුඩා ගම්මාන වලට ආපු අළුතමයි.
රූපවාහිනියෙන් මුළු පාකිස්ථානයම අමතල කතා කරන ඉක්බාල් මහ මිනිස්සුන්ව දැනුවත් කරනව පොඩි එවුන්ව වහල් සේවයට නොයවන්න.
මේ අපූරු කතා වෙන රටවල් වලත් ප්‍රසිද්ධ වෙනව. ඉගෙන ගන්න උදව් කරපු රාජ්‍ය නොවන සංවිධානය හරහා එයාට ආරාධනාවක් ලැබෙනව ස්වීඩනයේ සංචාරයකට.
ස්වීඩන් ලමුන් දාස් ගානක් ඉස්සරහ ඉක්බාල් එයාගෙ කතාව කියද්දි ඒ කතාව පරිවර්ථනය කරපු නිවේදිකාව හඬා වැටෙනව. මේ කතාව යුරෝපය පුරාත් ඇමරිකාවේත් ප්‍රසිද්ධ වෙනව.
ඒ නිසාම ඇමරිකා එක්සත් ජනපදයෙනුත් ඇරයුමක් ලැබෙනව ඉක්බාල්ට.
ඒ සංචාර හරහා තව දුරටත් ඉගෙන ගන්න ඉක්බාල්ට අවස්ථාව ලැබුනත් එයා කියන්නෙ “නෑ මම ආපහු ලාහෝර් වලට යන්නම ඕනෙ. මගේ උදව් බලාපොරොත්තුවෙන් හිරවෙලා ඉන්න මං වගේ පොඩි උං දහස් ගාණක් තනි කරන්න මට බැහැ” කියලයි.
1994 දී ඇමරිකා එක්සත් ජනපදයේ බොස්ටන් නගරයේදී ර්‍ර්බොක් මානව හිමිකම් සම්මානය ( Reebook Human rights Awrad)ලැබෙන්නෙ ඉක්බාල්ට.
මේ උත්සවයේදී ඉක්බාල් කරපු කතාව අදටත් ලෝක ප්‍රසිද්ධයි.
“මම එක පොඩි එකෙක් විතරයි දුක් විඳින පාකිස්ථාන දරුවන්ගෙන්. මං මේ කතාව පවත්වන මොහොතෙත් මිලියන ගානක් පුංචි එවුන් බලහත් කාරයෙන් කම්හල් වල වැඩට ගන්නව. මේ තත්පරේදිත් පොඩි ගෑනු දරුවො කුස්සිවල මෙහෙකාර කමේ ඉන්නව.
මට වාසනාව ලැබුනෙ දෛර්‍ය හරහා, නමුත් මට දුක් විඳින අනිත් අයව අමතක කරන්න බෑ.
මට උදව් කරපු බොන්ඩඩ් ලේබර් ලිබරේශන් ෆන්ඩ් ( Bond Labour Liberational Fund) හරහා මං මගෙ ශක්තිය ඔක්කොම කැප කරනව දුක් විඳින පොඩි අයව වහල් කමෙන් මුදව ගන්න.
ඒබ්‍රහම් ලින්කන් නුඹලාව නිදහස් කරා.. නුඹල නිදහස්.. මමත් නිදහස්.. ඒත් වහල් කමේ බැමි වලින් හිරවෙලා ඉන්න පොඩි අයව නිදහස් කරගන්න අපි එකතු වෙලා වැඩ කරමු.”
මේ ඉක්බාල්ගෙ කතාවෙන් සුළු කොටසක් විතරයි.
මීට පස්සෙ තවත් මානව හිමිකම් සම්මන්ත්‍රණ කීපයක්ම අමතමින් මේ පොඩි එකා කතා කරනව. ඒ හැම තැනදිම ලැබෙන පිළිගැනීම් හරි ඉහලයි.
නැවතත් පාකිස්ථානයට ආපු ඉක්බාල් අවුරුදු දහතුන වෙන්නත් කලින් නීතිය හදාරන්න පටන් ගන්නව. ඒ එක්කම බලෙන් වහල් කමේ යොදවපු දරුවන් බේරගන්න දිගින් දිගටම වැඩ කරනව.
මේ වෙද්දි හාරදාහකට අධික පොඩි එවුන්ව වහල් කමෙන් ගලවගෙන පාසැල්වලට ඇතුල් කරන්න ඉක්බාල්ට පුළුවන් වෙනව.
1995 අප්‍රියෙල් දාසය වෙනිද මේ පොඩි එකා එයාගෙ ගමේ යාලුවො කණ්ඩායමත් එක්ක බයිසිකල් පදිමින් යනව එයාගෙ නෑදෑයෙක්ව බලන්න.
කාපට් මාෆියා අමනුස්සයෙක්ගෙ වෙඩි පාරක් මේ පොඩි එකාගෙ ඔළුව පසාරු කරගෙන යනව.
මේ තමයි කාලකන්ණී ලෝකයේ හැටි.
ලෝකෙ පුරා මිනිස්සු ශෝක වෙනව මේ මරණය ගැන.
නමුත් පාකිස්ථාන ජඩ මාධ්‍ය ඒ තරම් තැනක් දෙන්නෙ නෑ මේ අමානුශික ඝාතනයට. ඒකට හේතුව කාපට් හෙවත් බුමුතුරුණු ව්‍යාපාරය යැපෙන්නෙ පොඩි දරුවන්ගෙන් වීමත්.. ඒ හරහා ඉදිවුණු මාෆියාව දේශපාලනයට හා මාධ්‍යට සම්භන්ධ වීමත් යන කරුණු දෙක.
අනිත් එක අන්තවාදී මුස්ලිම් සංවිධාන කොහෙත්ම කැමති වෙන්නෙ නෑ බටහිරින් මේ පොඩි එකාට ලැබුනු ප්‍රසිද්ධියට.
ඒ මොනව උනත් මේ පුංචි එකා පටන් ගත්ත ව්‍යාපාරයට පිං සිද්ධ වෙන්න පකිස්ථානයේ ළමා වහල් සේවය සීයට හතලිහකින් විතර පහත වැටුනු බව වාර්ථා පෙන්නල දෙනව.
ඉක්බාල් මාසිහ් ගෙ නමින් ඇරඹුනු අරමුදලින් පාසැල් සිය ගණනක් පවත්වාගෙන යනව.
ඉතාලියේ වගේම ස්පාඤ්ඤයේ ඉක්බාල් මාසිහ් නමින් පාසැල් නම් කරනව.
ඒ විතරක් නෙමේ බ්‍රසීලයේ... ආර්ජන්ටිනාවේ. .ස්පාඤ්ඤයේ..පාසැල් පොත් වල ඉක්බාල්ගේ ජීවිත කථාව ඇතුලත් වෙනව.
රටවල් කිහිපයක ඉක්බාල්ගේ පිළිම විවෘත්ත වෙනව. ඉතාලියේ ජෙනෝවා නගරය මින් එකක්.
2009 වසරේදී ..ඇමරිකානු කොන්ග්‍රසය ලමා වහල් සේවයට එරෙහිව ක්‍රියාකරන වීරයන්ට පිරිනැමෙන වාර්ශික සම්මානය ඉක්බාල් මාසිහ් නමින් නම් කරනව.
මේ වගේ සිද්ධීන් හා උපහාර වල දිග ලේඛනයක් තියනව.
නමුත් ඉක්බාල් මාසිහ් ට සාධාරණයක් ඉටු කරන්න මේවට පුළුවන් වෙයිද සැකයි.
ඒ පුංචි එකා වැඩ කරේ තමංගෙ වයසෙ පොඩි උංව බේර ගන්න. ඇමරිකා එක්සත් ජනපදයේ හෝ යුරෝපයේ පහසු ජීවිතයකට ලැබුණු අවස්ථා එපා කියල මේ පොඩි එකා ගියේ තවත් පොඩි එවුන්ව වහල් කමෙන් මුදාගන්න.
මේ ලියමන කියවන මොහොතෙත් ඉශාලිනී.. ඉක්බාල් වගේ පොඩි උක් දුක් විඳිනව. ඒත් දේශපාලන මගෝඩි වලින්.. සල්ලි වලින්.. ආගම් වල විකාර අදහස් වලින් ඔලු පුරෝගෙන ඉන්න බොහෝ දෙනෙක්ට මේ දේවල් වැටහෙන්නෙ නෑ. නැත්තං වටහ ගන්න උවමනාවක් නෑ.
පොඩි එවුන් බඩගින්නෙ හඬා වැටෙද්දි.. කෝවිඩ් වසංගතයෙන් හෙම්බත් වෙලා අම්මල පොඩි එවුන්ට කෑම දෙන්න විදිහක් හොයද්දි ..පිළිම දාගැබ් ඉස්සරහ පළතුරු වට්ටි.. බත් හට්ටි ගොඩ ගහන සමාජයක අපි ඉන්නෙ.
දේශපාලකයින්.. මාෆියා කාරයින් හෝ ජඩ මාධ්‍ය වලට කඩේ ගිහින් ජාම බේරගන්න තරම්.. භහුතරය ආත්මාර්ථකාමී වෙලා.
ලංකාව කියන්නෙත් නීතිය අවනීතිය වෙමින් පවතින රටක්. අමතක කරන්න එපා පොඩි එවුන් මෙහෙකාර කමෙන් බේරගන්න හඬ නගන මිනිස්සු හරි අඩුයි ලංකාවෙ.
මේ ලියමනේ අරමුණ දුක බෙදීමවත්... කඳුළු බිංදුවක් බේරෙන් ඉමෝජි සළකුණ ලබා ගැනීමවත් නෙවේ. මේ වගේ දේ නොවෙන්න වැඩ කරන එක.
මේ දේවල් වෙන්නෙ අපේ අහල පහලමයි.
කමලිනීල.. සරෝජනීල .. ශ්‍රියානිල වැඩ කරන්නෙ අපේ අල්ලපු ගෙදර කුස්සි වලමයි.
ඉක්බාල්ල දුක් විඳින්නෙ අපේ ගම්වලමයි. දම්වැල් නොපෙනුනාට උන් විංදින්නෙත් ඒ දුකමයි.
මේ ගැන අනිත් අයව දැනුවත් කරන එක.. කථා කරන එක.. ළමා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන අයව ආරක්ශා කරන එක අපේ යුතුකම.
ඉක්බාල්ල.. ඉශාලිනීල බේරගන්න එක අපේ යුතුකම.
ඉක්බාල් මාසිහ් මගේ ලෝකයේ වීරයෙක්.
විල්මා.. ටෙස්ලා.. එබෲ .. වගේ නම් අතරට තවත් ලස්සන නමක් එකතු වෙනව.
2006 නිකුත් වුණු අපූරු පොතක් තියනව. ඒ පොතේ නම The Little Hero
සටහන : Malcolm Sang